May 17, 2024

පින්නදූවේ ගින්නකින් කෝටියක් අළු (VIDEO)

ගාල්ල පින්නදූවේ පිහිටි කඩකාමර 02 ක් ගිනිගෙන ඇති බව පින්නදූව පොලිසිය සඳහන් කරයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම ආසන්නයේ පිහිටි වෙළඳසැල් 02 ක් මෙලෙස අද (11) අළුයම හට ගැනුණු ගින්නක් හේතුවෙන් විනාශ වී තිබේ.

අදාළ වෙළඳසැල් දෙකම එකම පුද්ගලයෙකු විසින් පවත්වා ගෙන ගොස් ඇති අතර ගින්න නිවීමට ගාල්ල නාගරික ගිනි නිවන ඒකකය පොලිසිය සහ ගම්වැසියෝ මහත් වෙහෙසක්  දැරූ බව වාර්තා වේ.

යකඩ භාණ්ඩ අලෙවි කරන වෙළඳසැලක් සහ ආපන ශාලාවක් මෙලෙස ගින්නෙන් විනාශ වී ඇති බවත් ගින්නෙන් රුපියල් කෝටියක පමණ අලාබයක් සිදුව ඇති බවත් ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණ වී නැති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 March 2016 12:57