May 19, 2024

කාණුවට වැටුණු ත්‍රීරෝද රථය (PHOTOS)

February 08, 2016

කොළඹ සිට බගවන්තලාව දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට විසිවී පෙරලිමෙන් එහි ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා තිදෙනෙක් බගවන්තලාව රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.

ඊයේ (07) අලුයම 3.30 ට පමණ රියදුරාට නින්ද යෑමෙන් මෙම අනතුර සිදුවි ඇති බව වටවල පොලිසිය ප්‍රකාශ කරයි.

කොළඹ සිට පැමිණෙමින් තිබූ ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට පෙරලී ජලය ගලා බසින කාණු පද්ධතියක සිරවී ඇති අතර එහි සිටි තුවාලකරුවන් මාර්ගයේ ගමන්ගත් වෑන් රථයක පැමිණි පිරිසක් ඉවතට ගෙන රෝහල් ගතකර තිබේ.

සිදුවූ අනතුරෙන් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදුවී ඇති අතර අනතුර පිළිබඳව වටවල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

ඡායාරූප පහතින්.

රංජිත් රාජපක්ෂ - හැටන්

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 March 2016 12:56