May 18, 2024

කොටදෙණියාවේ කාන්තා මලසිරුරක් පාරේ දමා ගිහින්

February 06, 2016

පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ සෝදිසියක දී කොටදෙණියාව ප්‍රදේශයේ අතුරු මාර්ගයක තිබූ කාන්තා මළ සිරුරක් සොයා ගැනීමට හැකි වී ඇත.

දංකොටුව - පන්නල මාර්ගයේ පල්ලම ප්‍රදේශයේදී මාර්ගය හරහා ගමන් කරමින් සිටි අදාළ කාන්තාව ලොරි රථයක ගැටී ඇති අතර අනතුර සිදුකළ ලොරි රථය නොනවත්වා ධාවනය කර තිබුණත් පසුව යළිත් එම ස්ථානයට පැමිණි ලොරි රථය තුවාළ ලබා සිටි කාන්තාව රැගෙන ගොස් කොටදෙණියාව ප්‍රදේශයේ අතුරුමාර්ගයක දමා පළා ගොස් ඇති බව පොලීසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අනතුර සිදු වූ අවස්ථාවේ අසල නිවසක සිටි පුද්ගලයෙකු විසින් ලොරි රථයේ අංකය සටහන් කරගෙන ඇති අතර අනතුර සිදුකළ ලොරි රථය මේ වන විට සොයාගෙන තිබෙන නමුත් රියදුරු පලාගොස් ඇත.

රියදුරු අත්අඩංගුවට ගැනිම සඳහා පන්නල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 06 February 2016 21:26