May 05, 2024

කිකිළියාමාන කන්ද ගිනි ගනී - අධිබලැති විදුලි රැහැනක් නිසා දැයි සැකයක් (PHOTOS)

February 01, 2016

නුවරඑළිය කිකිළයාමාන රක‍්ෂිත‍යේ කඳුවැටියක් තුළ අද (01) අලුයම 4.00 ට පමණ ගින්නක් හටගෙන තිබේ.

අද උදෑසන හටගත් ගින්න පයිනස් වගාව පුරා පැතිර ගිය බවත් පසුව නුවරඑළිය පොලිසිය, යුධ හමුදාව සහ වන සංරක‍්ෂණ දෙපාර්තමේන්තුවේ දැඩි පරිශ්‍රමය මත එය සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇති බවත් වාර්තා වේ.

රක‍්ෂිතය හරහා ඇද ඇති අධි බලැති විදුලි රැහැනක් කඩා වැටිමෙන් මෙම ගින්න හටගන්නට ඇති බවට සැකකෙරෙන අතර කිකිළියාමාන කඳුවැටිය පොලිස් සංඥා අංශයේ සහ දිවයිනේ විද්‍යුත් මාධ්‍ය ගණනාවක විකාශන කුළුණු සවිකර ඇති ස්ථානයකි.

ඡායාරූප පහතින්.

රංජිත් රාජපක්ෂ - හැටන්

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 March 2016 12:53