May 20, 2024

සිසුන් දෙදෙනෙකු යටකර පළා යද්දී ත්‍රිරෝද රිය පෙරළිලා (PHOTOS)

හැටන් දික්ඔය සිට පෝඩයිස් දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් බටර්ගල ප්‍රදේශයේදි පාසල් ළමුන් දෙදෙනෙකු යට කර පලා යමින් සිටිය දි පෙරලි අනතුරට පත්වි තිබේ.

ඊයේ දින (15) බටර්ගල වතුයායේ කෝවිලේ පැවති තෛපොංගල් උත්සවයකට සහභාගි විමට යමින් සිටියදි රාත්‍රී 7.00ට පමණ පමණ අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථය එම ළමුන් දෙදෙනා අනතුරට පත් කොට පලා යමින් සිටිය දි පෙරළී අනතුරට පත් රථයේ රියදුරාව ප්‍රදේශවාසින් විසින් අල්ලා හැටන් පොලිසියට බාරදි ඇත.

අනතුරට පත් පාසල් සිසුන් දෙදෙනා එකම පවුලේ සොයුරන් වන අතර ඔහුන් දෙදෙනා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් දෙදෙනාගේම තත්ත්වය බරපතල බැවින්  මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවීමට කටයුතු කර ඇත.

මෙම පාසල් සිසුන් දෙදෙනා අවුරුදු නවය සහ අට වයස්වල පසුවන අය බවයි අනතුර පිළිබද පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් රියදුරු අද (16) දින හැටන් මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඡායාරූප පහතින්.

රංජිත් රාජපක්ෂ - හැටන්

Rate this item
(0 votes)