May 18, 2024

නානුඔය දී ලොරි රථයක් අඩි 100 ක ප්‍රපාතයකට ඇද වැටෙයි (PHOTOS)

නුවරඑළියේ සිට හැටන් හරහා යටියන්තොට දක්වා ධාවනය වු ලොරි රථයක් නානුඔය - රදැල්ල කෙටි මාර්ගයේදි අඩි සියයක (100) ප්‍රපාතයකට පෙරලිමෙන් එම ලොරි රථයේ ගමන්ගත් රියදුරා සහ රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා නුවරඑළිය මුලික රෝහලට ඇතුලත් කර තිබේ.

අධික බෑවුමක් සහිත මෙම රදැල්ල කෙටි මාර්ගය ඔස්සේ ලොරි රථය ඉදිරියට ධාවනය වන අවස්ථාවේදී ලොරි රථයේ තිරිංග හදිසියේ ක්‍රියා විරහිත විමෙන් මෙම අනතුර සිදුව ඇති බව නානුඔය පොලිසිය සඳහන් කරයි.

ඊයේ (12) රාත්‍රි 8.00ට පමණ ලොරි රථය ප්‍රපාතයට පෙරලි ඇති අතර ප්‍රදේශවාසින් එක්වී තුවාලකරුවන් ගොඩටගෙන රෝහල් ගතකර  ඇති අතර අනතුරෙන් ලොරි රථයට දැඩි ලෙස අලාභ හානි සිදු වී ඇති බව අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන නානුඔය පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශකර සිටී.

ඡායාරූප 

රංජිත් රාජපක්ෂ -  හැටන්

Rate this item
(0 votes)