May 13, 2024

පළාත් සභා මන්ත්‍රීවරයෙක් ජලාපවාහන මණ්ඩලයේ රියැදුරෙකුට පහර දෙයි 

September 18, 2015

පළාත් සභා මන්ත්‍රී සේනක දමයන්ත මහතා විසින් කටුබැද්ද ප්‍රධාන මංසංධියේ දී ඊයේ (17) රත්මලාන ජාතික ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලයේ රියැදුරෙකුට බරපතල ලෙස පහර දී තිබේ.

මන්ත්‍රීවරයා ජාතික ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලයේ රථය නවත්වා තමාගේ රථය ඉස්සර කළේ මන්දැයි විමසමින් එම රියැදුරාට දරුණු ලෙස පහර දී ඇතැයි වාර්තා වේ.

රියැදුරු පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු විසින් මොරටුව පොලීසියට ලබා දුන් තොරතුරු අනුව එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට විමර්ශණ ආරම්භ කර තිබේ.

මොරටුව - ඉන්දික මනෝජ් 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 18 September 2015 12:52