May 03, 2024

මක්කම දොඹකරයක් කඩා වැටේ - 107ක් මරුට (PHOTOS)

September 12, 2015

මක්කම ඉස්ලාමීය පුද බිමේ දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයින්107ක් ජීවිතක්ෂයට පත් වී ඇත.

එමෙන්ම මෙම අනතුරින් 230කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව යි වාර්තා වන්නේ. 

මෙම සුවිශාල දොඹකරය මහා පල්ලියේ වහල මතට කඩා වැටී ඇති අතර වාර්ෂික හජ්ජි උත්සවය සඳහා මක්කම ඉස්ලාමීය පුද බිම සැරසෙමින් සිටින අතරවාරයේයි මෙය සිදුව ඇත්තේ.

අනතුර සිදුවීමට හේතුව එම ස්ථානයට පතිත වූ අකුණු සැරක් දැයි සැක පහල වී තිබෙන බව ඇතැම් වාර්තා සඳහන් කරයි.

ලොව පුරා වෙසෙන මුස්ලිම් බැතිමතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ මාසය අග දී පැවැත්වෙන හජ්ජි උත්සවයට සහභාගි වනු ඇතැයි අපේක්ෂිතයි.

මක්කම මහා පල්ලිය විශාල කිරීමේ කටයුතු කලක් මුලුලේම සිදුවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මක්කම ඛේදවාචකයේ වීඩියෝව මෙම සබැඳියෙන් නරඹන්න

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 12 September 2015 09:53