May 13, 2024

එජාප මහලේකම්ට වාරණ නියෝගයක්

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා වෙත කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළේ ය.

ඌව පළාත් සභාවේ පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ධුර දෙක සඳහා වෙනත් දෙදෙනෙකු පත් කිරීම සැප්තැම්බර් 9 වනදා දක්වා වළක්වාලමින් මෙම වාරණ නියෝගය නිකුත්කර තිබේ.

ඌව පළාත් සභාවට තරඟ කළ ප්‍රදීප් විජයවර්ධන නැමැත්තෙකු විසින් මීට අදාළ පෙත්සම යොමුකර තිබූ අතර එමඟින් ඔහු ප්‍රකාශ කර තිබුණේ පළාත් සභා මැතිවරණයේ දී මනාප ලයිස්තුවේ 8වැන්නා වූ තමන් අදාළ මන්ත්‍රී ධුරයක් සඳහා නම් නොකර වෙනත් දෙදෙනෙකු ඒ සඳහා පත් කිරීමේ සූදානමක් පවතින බවයි.

එය වළක්වාලන ලෙස පෙත්සම්කරු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තබූ අතර ඒ අනුවකොළඹ දිසා විනිසුරු අජිත් අනවරත්න මීට අදාළ නියෝගය නිකුත් කළේ ය.

Rate this item
(0 votes)