April 27, 2024

සන්ධාන නව ලේකම් වැඩ අරඹයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහ ලේකම් මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා අද (26) නිල වශයෙන් සිය රාජකාරී කටයුතු ආරම්භ කර තිබේ.

ඩාලි පාරේ පිහිටි සන්ධාන මූලස්ථානයේ දී ඔහු මෙලෙස රාජකාරී කටයුතු ආරම්භ කර ඇත. ඉකුත් 14 වැනි දා විශ්වා වර්ණපාල මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබීය. 

සන්ධාන හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සිය අස්විමේ ලිපිය භාර දුන් අතර ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ධුරයෙන් ඉල්ලා අස් වූ බව දන්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කර තිබේ.

Rate this item
(0 votes)