May 09, 2024

මහින්ද වෙනස්වෙයි - වෙනම පක්ෂ සම්මේලනයකට සූදානම් (VIDEO)

ජනපති‍ මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පවත්වන ශ්‍රීලනිප 65 වැනි සංවත්සරයට සහභාගි නොවන බවත් එය හිටපු ජනපති‍ මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පවත්වන්නේ නම් ඊට සහභාගි වන බවත් ශ්‍රීලනිපයේ හිටපු පළාත් පාලන ආයතන ක්‍රියාකාරීන් පිරිසක් ප්‍රකාශ කරති.

ඔවුන් මේ බව පැවසූයේ ඊයේ(11) බත්තරමුල්ල නෙළුම් මාවත හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ය.

මෛත්‍රිපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතාගෙන් පක්ෂයේ සභාපතිකම ගත්තේ බලහත්කාරයෙන් බවත් එජාපය පෝෂණය කරන ජනපතිගේ නායකත්වය පිළිනොගන්නා බවත් ඔවුන් එහිදී ‍පැවසී ය.

තනතුරු රැකගැනීමට ශ්‍රීලනිපය වෙනුවෙන් කහින හා මුක්කුගහන මන්ත්‍රීන් පිරිසක් සිටින බවද තව ටික දවසකින් මහින්දගේ ප්‍රධානත්වයෙන් සම්මේලනයක් පැවැත්වීමට ඉඩ ඇතැයිද ඔවුන් අවධාරණය කළේය.

එජනිස පලාත් පාලන නියෝජිතයින් 2450ක් සිටින බවත් එම පිරිසෙන් 1965ක් 2000ත් අතර පිරිසක් මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් පවත්වන ශ්‍රීලනිප 65 වැනි සංවත්සරයට සහභාගි නොවන බවත් සැබෑ ශ්‍රීලනිප පක්ෂ සම්මේලනය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන බවත් පලාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ සභාපති උදේනි අතුකෝරළ මහතා පැවසී ය.

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරළ, වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුසන්ත පෙරේරා, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත, නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති නීතිඥ නිලන්ත ප්‍රනාන්දු හා  හලාවත ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපති රංග පෙරේරා මහතා ඊට එක්ව සිටියහ.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(2 votes)
Last modified on Sunday, 14 August 2016 10:13