May 09, 2024

සනත් ශ්‍රීලනිපයෙන් දොට්ට? - පාද යාත්‍රාවේදී ගිය මන්ත්‍රීන්ටත් වැඩ වරදියි 

එක්සත් ජනතා නිදහස් සන්ධාන පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවා තිබේ.

ඊයේ(04) රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී එම තීරණය ගත් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසී ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබද පසුගිය කාලය තුළ ඔහු සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඉදිරි පත් වූ කරුණු සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට අමතරව විනය විරෝධීව හැසුරුණු සෙසු නිදහස් පක්ෂ සාමාජිකයින් සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කර තීරණයක් ගැනීම සඳහා විනය කමිටුවට පැවැරූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ පාද යාත්‍රාවට එක්ව නිදහස් පක්ෂයේ නීති රීතිවලට පටහැකිව කටයුතු කළ නිදහස් පක්ෂ මන්ත්‍රීවරු පක්ෂයෙන් නෙරපා දැමීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. 

පක්‍ෂ නායකත්වය විවෙචනය කිරීම හේතුවෙන් මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් හා කුරුණෑගලදී පක්‍ෂ විසින් යොමුකළ ලිපි ඉරා ගිනි තැබූ හිටපු කුරුණෑගල දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් නියමිතයි.

 

Rate this item
(1 Vote)
Last modified on Friday, 05 August 2016 17:48