April 28, 2024

ජාතික ආණ්ඩුවේ මුදල් ඇමති ධූරය කාටද?

එජාප - ශ්‍රීලනිප ජාතික ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය නියෝජ්‍ය අමාත්‍ය එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතාට ලබා දීමට යෝජනා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එජාප අමාත්‍ය ධූර සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

පසුගිය ආණ්ඩුවේදීද හර්ෂ ද සිල්වා මහතා මුදල් අමාත්‍ය ධූරය අපේක්ෂාවෙන් සිටි නමුත් රවී කරුණානායක මහතා එජාපයේ උප නායකයා වීමත් දිස්ත්‍රික්කයේ ජනප්‍රියම චරිතය වීමත් හේතුවෙන් ඔහුට මුදල් අමාත්‍ය ධූරය හිමි විය. 

කෙසේ වෙතත් ජාතික ආණ්ඩුවේ මුදල් අමත්‍ය ධූරය හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට හෝ හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාට ලබා දිය යුතු බවට යෝජනා ඇති නමුත් ඒ පිලිබඳ කිසිදු තීරණයක් මේවන තෙක් ගෙන නොමැති බව එම ආරංචි මාර්ග පවසයි.  

නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී පත්වූ නව රජයේ මුදල් ආමත්‍ය ධූරය හෙබවූ රවී කරුණානායක මහතා අතුරු අයවැය ගෙන එමින් ජනතාවට විශාල සහන රැසක් ලබා දීමට පියවර ගත් අතර මුදල් අමාත්‍යාංශයේ වෙනස්කම් රැසක් සිදු කරමින් මෙහෙයවීමටද පියවර ගෙන තිබිණි.

 

Rate this item
(1 Vote)
Last modified on Monday, 24 August 2015 15:14