April 27, 2024

එජාප - ශ්‍රීලනිප අතර පිල් මාරුවට තහනමක්

එක්‌සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එක්‌ව පිහිටුවන ජාතික ආණ්‌ඩුවේ කාලසීමාව අවසන් වනතෙක්‌ පක්‍ෂ දෙක අතර පිල් මාරුවීම දෙපාර්ශවයේ එකඟත්වය මත තහනම් කර ඇත.

රටේ ප්‍රධාන කරුණු සම්බන්ධව වසර දෙකක කාලයක්‌ සඳහා ජාතික ආණ්‌ඩුව පිහිටුවිය යුතු බවට අවබෝධතා ගිවිසුම මගින් එකඟ වී තිබෙන අතර එම කාලසීමාව අවසන් වීමෙන් පසු ආණ්‌ඩුවේ කාලය දීර්ඝ කර ගැනීම දෙපාර්ශ්වයේ එකඟත්වය මත සිදුකළ හැකිය.

කෙසේ වෙතත් එම කාලසීමාව අවසන් වනතෙක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හෝ එක්‌සත් ජාතික පක්‍ෂයේ කිසිදු ඇමැතිවරයකුට හෝ මන්ත්‍රීවරයකුට පිල් මාරු කළ නොහැකි බවට වන වගන්තියක්‌ අවබෝධතා ගිවිසුමට ඇතුළත් කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 23 August 2015 12:47