May 08, 2024

නව අගමැති රනිල් හෙට දිවුරුම් දෙයි

නව අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ හෙට (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසයි.

පසුගිය ජනවාරි මස 08 වැනි දා පැවති ජනාධිපතිවරණයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සුළුතර ආණ්ඩුවක අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කර තිබිණි.

පසුගිය 17 වැනි දා පැවති මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ රනිල් වික්‍රමසිංහ මහතා මනාප 500,566 ක් ලබාගනිමින්  ජයග්‍රහණයක් වාර්තා කර ඇත.

ඒ අනුව ඉදිරියේ දී ස්ථාපිතවීමට නියමිත අටවන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේ දිවුරුම්දෙන අතර හෙතෙම අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දෙනු ලබන්නේ ලංකා ඉතිහාසයේ සිව්වෙනි වතාවටයි.

Rate this item
(0 votes)