May 03, 2024

මැතිවරණයෙන් එජාපය ජයගනී - අවසන් ඡන්ද ප්‍රතිඵලය මෙන්න

2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලවලට අනුව එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ආසන 106ක් ලබා ගනිමින් ‍ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය. 

මෙහිදී තියුණු සටනක් ලබාදුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය අවසන් මැතිවරණ ප්‍රතිඵලවලට අනුව මන්ත්‍රී ආසන 95 ක් ලබා ගත්තේය.

අවසන් ඡන්ද ප්‍රතිඵලවලට අනූව එක්සත් ජාතික පක්ෂය දිස්ත්‍රික්ක 22න් දිස්ත්‍රික්ක 11 ක බලය ලබා ගැනීමට සමත් විය. එක්සත් ජනතා නිදහස් සන්ධානයට දිස්ත්‍රික්ක 08  ජය ලබා ගැනීමට හැකිවිය.

ඊයේ(17) පැවැති මහ මැතිවරණයෙන් ආසන 93ක් දිනා ගත් එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් ආසන 13ක් ලැබිණි. ඒ අනුව එජාපය ලබා ගත් ආසන සංඛ්‍යාව 106කි. සමස්තයක් ලෙස එක්සත් ජාතික පක්ෂය ඡන්ද 5,098,927 ක් හිමිවී ඇත.

ආසන 83ක් දිනා ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 12ක් ලැබිණි. ඒ අනුව සන්ධානයේ ආසන සංඛ්‍යාව 95කි. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගැනීමට එක් පක්ෂයකටවත් නොහැකි වී ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 4,732,669 ක් හිමිවී තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් ද සමග ආසන 06ක් ද, ජාතික ලැයිස්තු ආසන දෙකක් ද සමග ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ආසන 16ක් ද, මුස්ලිම් කොංග්‍රසය හා ඊපීඩීපී පක්ෂය එක් ආසනය බැගින් ද දිනා ගත්තේය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 August 2015 11:44