May 14, 2024

චමින්ද වාස්ගේ සහය එජාපයට 

තමා එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කරන බවත් වකුගඩු රෝගීන් වෙනුවෙන් මේ වනවිට ආරම්භ කර ඇති වැඩපිළිවෙළට ද තමා පූර්ණ සහයෝගය ලබා දෙන බවත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් සඳහන් කරයි. 

ඔහු මේ බව සඳහන් කළේ අද (14) අනුරාධපුර එක්සත් ජාතික පක්ෂ මහ මැතිවරණ අපේක්ෂක නීතීඥ සංජීව සෙනවිරත්න මහතාගේ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

වකුගඩු රෝගයෙන් පීඩා විඳින රෝගීන් වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ වෙනුවෙන් ඔහුගේ සහයෝගය ලබාදෙන බව ද ඔහු එහි දී පැවසී ය.

අනුරාධපුර - අතුල බණ්ඩාර

Rate this item
(0 votes)