May 13, 2024

පාඨලීගෙන් මහින්දට තවත් ආන්දෝලනාත්මක චෝදනාවක් (VIDEO)

රාඩා ආයනතන හරහා කොටි සංවිධානයට මුදල් ලබා දුන් බව පවසමින් එක්සත් ජාතික පෙරමුණේ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හට නැවතත් චෝදනා කළේ ය. එමෙන්ම එසේ මුදල් ලබා දුන්නේ ද නැද්ද යන්න පිළිබඳව තමා සමග විවාදයකට එන ලෙස රණවක මහතා රාජපක්ෂ මහතාට අභියෝගයක් ද කළේ ය.

පාඨලී චම්පික රණවක මහතා මේ අදහස් ප්‍රකාශ කළේ අද (11) බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ය.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය හොබවන සමයේ දී බැසිල් රාජපක්ෂ මහතා, එමිල් කාන්තන් නමැති කොටි සාමාජිකයා සමග සාකච්ඡා කර මුදල් ලබා දුන් බවත් පසුව එම මුදල් භාවිත කරමින් කොටි සංවිධානය බෝට්ටු මිළ දී ගෙන ඇති බවත් රණවක මහතා පැවසුවේ ය. එවකට රාඩා ආයතනයේ ප්‍රධානියාව සිටි ටිරාන් අලස් මහතා හරහා මෙම ගනුදෙනුව සිදුව ඇති බව ද රණවක මහතා ප්‍රකාශ කළේ ය.

මීට කලකට ඉහත ටිරාන් අලස් මහතාගේ නිවසට එල්ල වූ බෝම්බ ප්‍රහාරය පිළිබඳ අදහස් දැක්වූ රණවක මහතා ප්‍රකාශ කළේ කොටි සංවිධානය සමග සිදුකරන ලද ගනුදෙනුවට අදාල වීඩියෝ පටය ටිරාන් අලස් මහතා සතුව තිබූ නිසා එය විනාශ කිරීමේ අරමුණින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව ටිරාන් අලස් මහතා විසින්ම ප්‍රකාශ කළ බව යි.

එමෙන්ම කොටි සංවිධානය සමග ගනුදෙනු කළා යැයි නැගෙන චෝදනාවන් මහින්ද රාජපක්ෂ මහතා විසින් හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර නැතැයි ද රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

තම ප්‍රථම ධූර කාලය සඳහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී ප්‍රභාකරන් සමග ඍජු සාකච්ඡා පවත්වන බව මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි ඇතුලත් කර තිබූ බව පැවසූ රණවක මහතා තවදුරටත් සඳහන් කළේ 2005 වසරේ නොවැම්බර් මස 27 වෙනි දා ප්‍රභාකරන් විසින් සිදු කළ මහා වීර දින කතාවේ දී, මහින්ද රාජපක්ෂ යනු ප්‍රායෝගික නායකයෙකු බව ප්‍රභාකරන් විසින් ප්‍රකාශ කළ බව යි.

වීඩියෝව පහතින් නරඹන්න.

සබැඳි පුවත්

පාඨලීගේ අභියෝගය ගම්මන්පිල භාරගනී
Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 August 2015 18:07