May 17, 2024

දයාසිරිට අනතුරක් (VIDEO)

උදෑසන ව්‍යායාමයන්හි නිරතවන අතරතුර දී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සුළු අනතුරකට ලක්ව ඇති බව වාර්තා වේ.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > >

ඉන් ඔහුගේ පාදයක මාංශපේශීවල ආබාධිත තත්ත්වයක් පැනනැගී ඇතැයි පැවසෙන අතර මේ දිනවල අමාත්‍යවරයා ගමන් ගන්නේ කිහිළිකරුවක ආධාරයෙනි.

පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා මහතා සම්බන්ධයෙන් පැවැත්වුණු විශේෂ මාධ්‍ය හමුවට ක්‍රීඩා අමාත්‍යවරයා සහභාගී වූයේ ද කිහිළිකරුවත් සමගිනි.

එමෙන්ම ජයසේකර මහතා සුගතදාස ක්‍රීඩාංගනයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණේ ද කිහිළිකරුව ආධාර කොට ගෙන යි.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(0 votes)