May 12, 2024

එජාප වේදිකාවේ ගී ගැයුවාට රයිනි සමාව ඉල්ලයි 

ඊයේ (01) බොරැල්ල කැම්බල් පිටියේ දී පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි රැළි වේදිකාවේ ජනප්‍රිය ගායක යුවලක් වන රූකාන්ත සහ චන්ද්‍රලේකා ගේ දියණිය වූ රයිනි චාරුකා ගුණතිලක ද දකින්නට ලැබුණි.

ඇය එහිදී පැමිණ සිටි එජාප පාක්ෂිකයින්ගේ රසවින්දනය වෙනුවෙන් ගීත ගායනා කළාය.

එසේවුවද ඊයේ දිනයේ රයිනි එසේ ගොඩ වී ඇත්තේ දේශපාලන වේදිකාවකට බව දැනගෙන තිබෙන්නේ  ගීත ගායනා කිරීමෙන් ද ටික වේලාවකට පසුව බවයි ඇය සඳහන් කරන්නේ.

රයිනි තම සමාජ ජාල මිතුරු මිතුරියන්ට මේ පිළිබඳව කෙටි පණිවිඩයක් තබමින් පවසා ඇත්තේ කිසිඳු දේශපාලන පක්ෂයකට සහය දීමේ අරමුණක් තමා තුළ නොතිබූ බවත් සංගීත ප්‍රසංගයක් යැයි සිතා තමා එම වේදිකාවට ගොඩ වූ බවත් ය. 

එමෙන්ම එම පණිවුඩය හරහා සිදුවූ සිදුවීම වෙනුවෙන් ඇය සිය රසික රසිකාවියන්ගෙන් සමාව ඉල්ලීමට ද කටයුතු කර තිබේ.

එම පණිවුඩය පහතින්.

 

Rate this item
(1 Vote)
Last modified on Monday, 02 May 2016 13:09