May 17, 2024

යාපනය සරසවියේ සෝදිසි මෙහෙයුමකදී එල්.ටී.ටී.ඊ නායකයාගේ ඡායාරූප සහ දුරදක්නයක් සමග දෙදෙනෙකු කොටු Featured

යාපනය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එල්.ටී.ටී.ඊ නායකයාගේ ඡායාරූප සහ දුරදක්නයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ යාපනය සරසවියේ ශිෂ්‍ය සංගමයේ ප්‍රධානියා සහ එහි ලේකම් බවයි.

ඔවුන් සන්තකයේ තිබී දුරදක්නයක්, ආරක්ෂක අංශ පලදින ආකාරයේ සපත්තු කට්ටමක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සරසවි සිසුන් දෙදෙනා මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවේ.

 

Last modified on Friday, 03 May 2019 14:14