May 05, 2024

පුජිත කොරියාවේ තානාපති?

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොරියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කර යැවීමට යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. පූජිත් ජයසුන්දර මහතා මේ සතියේදී පොලිස්පති ධූරයෙන් ඉවත්වීමට නියමිත බවද පැවසේ.
 
ඉකුත් කාල සීමාව තුළදී සමාජයේ අන්දෝලනාත්මක කතාබහට ලක්වූ පූජිත් ජයසුන්දර මහතාට පොලිස්පති ධූරයෙන් ඉවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද දැනුම් දී තිබේ.
 
පූජිත් ජයසුන්දර මහතා ඉවත් වීමෙන් පුරප්පාඩුවන පොලිස්පති ධූරයට මධ්‍යම සහ සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහ සහ පොලිස් පරිපාලන කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් කෙනෙකු පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

Last modified on Monday, 15 October 2018 12:49