April 27, 2024

ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයා සෙන්දිල් තොණ්ඩමන්

ලංකා කම්කරු කොංග්‍රසයේ නව නිලධාරි මණ්ඩලයක් එම පක්ෂයේ ජාතික සභාව විසින් අද (30) පත්කරගෙන තිබෙනවා.

ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේදි එම පක්ෂයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එහිදි ජාතික සභාව විසින් ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපතිවරයා සහ භාණ්ඩගාරිකවරයා වශයෙන් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන්, පක්ෂ නායකයා වශයෙන් සෙන්දිල් තොණ්ඩමන්, පක්ෂ මහලේකම් වශයෙන් රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් යන මහතුන්වරුන් පත්කරගෙන තිබෙනවා.

එම පක්ෂයේ ජාතික සංවිධායක වශයෙන් පි.පි.සත්‍යවේල්, නියෝජ්‍ය සභාපතිවරයා වශයෙන් අනුෂා සිවරාජා සහ කනපති කනගරාජ් යන මහත්ම මහත්මියන් පත්කරගෙන තිබෙනවා.

මිට අමතරව එම පක්ෂයට උප සභාපතිවරුන් 14 දෙනෙකු ජාතික සභාවේදි තොරාපත් කරගත් බව පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවා.

Rate this item
(0 votes)