April 26, 2024

ලංකා කම්කරු කොංග්‍රසයත් සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරයි

ලංකා කම්කරු කොංග්‍රසය සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට තීරණය කර තිබෙනවා.

එහි මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා මේ බව නිවේදනය කළා.

මේ අතර තම පක්ෂය ද සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගි නොවන බව දෙමළ ජාතික ජනතා සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කළා.

මේ වනවිට තවත් පක්ෂ කිහිපයක්ම සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගි නොවන බවයි ප්‍රකාශ කරන්නේ.

ඒ අනුව ජාතික ජන බලවේගය, සමඟි ජන බලවේගය යන ප්‍රධාන විපක්ෂ දෙකම සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගි නොවන බව මේ වන විටත් දැනුම් දී අවසන්.

මේ අතර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන හිටපු අමාත්‍යවරුන් ද මීට පෙර දැනුම් දුන් පරිදි සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගි නොවනු ඇති.

Rate this item
(0 votes)