April 26, 2024

ඉන්ධන අර්බුධයෙන් එළවළු ප්‍රවාහනයටත් බාධා

February 25, 2022

ඉන්ධන අර්බුධය හමුවේ නුවරඑලියේ එළවළු ප්‍රවාහනයට බාධා පැමිණ ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂි ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවා.

ඒ මහතා මෙම අදහස් පළ කළේ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අරුණ මහතා කියා සිටියේ,

"වියළි කාලගුණයත් සමග ගොවියන්ට දැඩි ගැටළුවක් මතු වෙලා තියෙනවා. එම නිසා වගාවට ජලය යොදන්න සිදු වෙලා තියෙනවා. ජලය පොම්ප කිරිම සදහා භාවිතා කරන්නේ ඩිසල් මෝටර්, එම නිසා පවතින තත්ත්වයත් සමග ඉන්ධන පිරවුම්හල් වලින් ඩීසල් ලබා ගැනිමේ ගැටළුවක් තියෙනවා. ඉන්ධන ලබා දෙන්නේ නැහැ. ආර්ථික මධ්‍යස්ථාන වලට එලවළු පැමිණියත් එම එලවළු රැගෙන යන්න වෙලෙන්දන් එන්නේ අඩුවෙන්. මොකද ඒ අයගේ ලොරි රථවලට ඩිසල් නොමැති විම නිසා ඔවුන් බයයි ඇවිල්ලා ආපසු යද්දි ඩිසල් නැතුව ලොරි රථය නතර වෙයි කියලා. අපිත් ව්‍යාපාර කරන අය අපිටත් කොළඹට යන්න ඩිසල් හිගයක් තියෙනවා. සුපිරි ඩිසල් තමයි තියෙන්නේ ඒවා අනිත් ඩිසල් වලට වඩා රු.40 පමණ මිලෙන් වැඩියි. එම නිසා එලවළු ප්‍රවාහනයට වියදම වැඩියි. එළවළු රැගෙන යන්න පැමිණෙන වෙලෙන්දන් අඩු වෙලා තියෙනවා.මෙහෙම ගියොත් දැඩි අර්බුධයකට පත් වෙනවා. එළවළු ප්‍රවාහනය කර ගන්න බැරි වුණොත්. එම නිසා රජයෙන් අපි ඉල්ලා සිටින්නේ එළවළු ප්‍රවාහනය කිරීමටවත් ඩිසල් ලබා දෙන්න කියලා."

නුවරඑලිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති මහින්ද දොඩම්පේගමගේ මහතා මධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ මේ දිනවල නුවරඑලියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙන බවත් එම සංචාරකයන් පැමිණෙන වාහන වලට ඉන්ධන ලබා ගැනිමට නොහැකි තත්ත්වයක් නුවරඑලියේ උද්ගත වි ඇති බවයි.

නුවරඑලිය ප්‍රදේශයට ඉන්ධන බෙදා හැරිමේදි ප්‍රමුඛතාවයක් ලබා දී කටයුතු කරන්නේ නම් සංචාරක කර්මාන්තයට බාධාවක් නොවන බවද මහින්ද දොඩම්පේගමගේ මහතා පැවසුවා.

මේ අතර නුවරඑලිය නගරයේ ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනිමට දිගු රථ වාහන පොලිම් තිබෙන අයුරු අප කැමරාවේ සටහන් වුණා.

Rate this item
(0 votes)
Last modified on Friday, 25 February 2022 11:40