May 02, 2024

මහරගම නගරාධිපති ගඳ වැඩක් කරලා - හිටපු නගරාධිපතිනියටත් පහරදෙයි (VIDEO)

මහරගම නගර මධ්‍යයේ පිහිටි පොදු වැසිකිලිය නගර සභා අනුමැතියකින් තොරව කඩා ඉවත් කිරීමට මහරගම නගරාධිපති ටිරාජ් ලක්රුවන් මහතා පියවර ගෙන ඇති බව වාර්තා වෙනවා.

මෙම ක්‍රියාමාර්ගයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හට ගත් බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

එහිදී නගරාධිපතිවරයා හා මන්ත්‍රීවරුන් අතරත් මන්ත්‍රීවරුන් හා නගර සභා සේවකයින් අතරත් උණුසුම් වචන හුවමාරු වීම් සිදු වී ඇති අතර වැසිකිළි පද්ධතිය කඩා ඉවත් නොකරන ලෙසට හිටපු නගරාධිපතිනිය ඇතුළු මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් සමඟ නගරාධිපතිවරයා පැමිණ හිටපු නගරාධිපතිනී කාන්ති කොඩිකාර මහත්මියට පහරදීමක් ද සිදුකර තිබෙනවා.

මේ පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසියට පැමිණිල්ලක් සිදු කළ හිටපු නගරාධිපතිනී කාන්ති කොඩිකාර මහත්මිය ඉන් අනතුරුව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Rate this item
(0 votes)