April 27, 2024

උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් රාජ්‍ය නිලධාරීන්ට රතු එළියක්

සම්මත විධිවීධාන වලට අදාලව උතුරු පළාත තුල පරිසරය සුරැකීමේ හා ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කලයුතු බව උතරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා උතුරු පළාතේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම පරිසරය සුරැකීමේ හා ආරක්ෂණ වැඩසටහන විශේෂ වැඩසටනක් සේ සලකා පොලීසිය හා ප්‍රාදේශීය සභාවේ සහයෝගය ඔවුන්ට ලබාදෙන ලෙස ආණ්ඩුකාරවරයා ඉල්ලීමක් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

පසුගිය කාලය තුල කරයිනගර් ප්‍රදේශය තුල ඉතා හොඳ පරිසර හිතකාමී හා ආරක්ෂණ වැඩසටහන් මාලාවක් හා ඉතා සාර්ථක සංවර්ධන වැඩසටහන් යටතේ ජලය බැසයන කානු පද්ධති, මහාමාර්ග පද්ධති ඉතා උසස් මට්ටමින් තිබු අතර මේවනවිට එය දැඩි ලෙස අකර්මර්ණයට පත් වී ඇති බව ඔහු සඳහන් කළා.

එබැවින් උතුරු පළාතේ පරිසරය සුරැකීම හා ආරක්ෂණය පිලිබඳ විශේෂ වැඩසටහන් පෙළක් සකස් කොට ලබන 07 වැනිදාට පෙර තමාට ලබා දෙන ලෙසත්, එකී නිර්දේශ ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳ තමාව දෙනුවත් කරන ලෙසත් ජීවන් ත්‍යාගරාජා මහතා ප්‍රකාශ කර තිබෙනවා.

පරිසර හිතකාමි හා ආරක්ෂණ වැඩපිලිවලට සහයෝගය නොදෙන සියලුම උතුරු පළාතේ සියලුම රාජ්‍ය නිලධාරීන්ට ලේකම්වරුන්ට ලබන 18 වැනිදායින් පසු නීතියානුකුලව පියවර ගන්නා ලෙස උතුරු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ට ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

 

Rate this item
(1 Vote)