April 27, 2024

රාජ්‍ය ආයතන 32ක් අන්ත දුෂිතයි : මේ හතරේ තත්ත්වය අන්තිමයි - කෝප් සභාපති

December 06, 2021

රාජ්‍ය ආයතන අතරින් දූෂිත ආයතන 32 ක් තිබෙන බව කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කරනවා.

පසුගිය වසර පහ 5 තුළදී පමණක් එම ආයතන 32 පාඩුව රු. බිලියන 465 (රු. කෝට 46,500) පමණ වන බවයි ඔහු හෙළි කරන්නේ.

පසුගිය වසර තුන

එම ආයතන වල 2018 පාඩුව රු. බිලියන 193 ක්ද 2019 පාඩුව රු. බිලියන 158 ක්ද 2020 පාඩුව රුපියල් බිලියන 114 ක් ලෙසයි කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

මෙම ආයතන 32 අතුරින් ආයතන 4 ක් අන්ත පාඩු ලබන දූෂිත ආයතන ලෙස ඔහු සඳහන් කරනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම , ලංකා විදුලි බල මණ්ඩලය , ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා සතොස එම ආයතන ලෙසටයි මහාචාර්ය වරයා අනාවරණය කරන්නේ.

මුල් තැන ශ්‍රී ලංකන්ට

පසුගිය වසර පහ තුළ සමස්ත පාඩුවෙන් 40% කම හිමිකම ශ්‍රී ලංකන් ගුවන් සේවාවට අයත් වන බවත් හේරත් මහතා පෙන්වා දෙනවා.

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමද නියෝජනය කරන මහාචාර්ය චරිත හේරත් මහතා මේ හෙළිදරව් කිරීම් කර තිබුණේ සති අන්ත ජාතික පුවත් පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින්.

Rate this item
(1 Vote)
Last modified on Monday, 06 December 2021 15:30