April 26, 2024

මහරගම නගර සභාවේ උණුසුම් තත්වයක් - මන්ත්‍රී සියල්ල වීඩියෝ කරයි (VIDEO)

November 25, 2021

මහරගම නගර සභාවේ උණුසුම් තත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වෙනවා.

එම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වන ධනුෂ්ක රාමනායක මහතා විසින් සිය ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් පළ කරමින් සඳහන් කළේ "ලංකාවේ පළාත් පාලන ආයතනවල කටයුතු වෙන්නේ මෙහෙම කියන එක තමයි මට පෙන්වන්න ඕනේ වුණේ.මේ මහරගම නගර සභාවේ බල සිමාවේ ජිවත් වන මිනිස්සුන්ට සේවා සපයන්න මාසිකව මුණ ගැහෙන, නීති රීති සම්පාදනය කරන, අනු නීති සකසන, අනුමැතියට ඉදිරිපත් කරන සභාවක තත්වය තමයි මේ ඔබට පේන්නේ." යනුවෙනුයි.

මෙම නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ ටිරාජ් ලක්රුවන් මහතායි.

ඔහු ගැනද ඊයේ මාධ්‍ය විසින් අනාවරණයක් සිදු කළා. ඒ ඔහුගේ පියා විසින් විදුලිය හොරෙන් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

කාන්ති කොඩිකාර මන්ත්‍රීවරිය විසින් යම් යෝජනාවක් සභා රැස්වීමේදී ඉදිරිපත් කිරීමේදී යම් ඝෝෂාකාරී තත්වයක් හට ගැනීමත් සමඟ ධනුෂ්ක රාමනායක මහතා විසින් එය වීඩියෝ කර සමාජ මාධ්‍යට මුදා හැර තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 November 2021 13:11