April 26, 2024

අගමැති - ගුරු සංගම් සාකච්ඡා සාර්ථකයි

November 10, 2021

ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත්කිරීම සඳහා ඇමැති අනුකමිටුව ඉදිරිපත් කර ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ගුරු සංගම් නියෝජිතයන්ට පොරොන්දු වී තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැති සාකච්ඡාවේදී ඇමැති අනුකමිටුව ඉදිරිපත් කර ඇති වැටුප් වැඩිවීම එකවර ලබාදීමටත් එම වැඩි කිරීම අයවැයෙන් ලබා දීමටත් අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.

ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති ඉල්ලා සිටි ප්‍රධාන ඉල්ලීම එමගින් ඉටුවන බව ද ස්ටාලින් මහතා පැවසුවා.

Rate this item
(1 Vote)