April 27, 2024

ශ්‍රීලනිපය විමල්ලගේ විකල්ප කල්ලියේ නැහැ: දයාසිරිවත් නතර කළා - අමරවීර හෙළිකරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු ජන පෙරමුණේ සන්ධානගත පක්ෂ හා සංවිධාන 12 කණ්ඩායමේ නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර අමාත්‍යවරයා හෙළිදරව් කරනවා.

දයාසිරි ගියේ පෞද්ගලික ආරාධනාවකට

එම කණ්ඩායමේ රැස්වීම් වලට ශ්‍රීලනිප මහ ලේකම්වරයා සහභාගි වූයේ පක්ෂයේ නියෝජනයක් හැටියට නොව ඔහුට පෞද්ගලිකව ලැබුණු ආරාධනාවක් මත බවත් ඔහු ඒ හැම රැස්වීමකටම ගියේ පක්ෂය දැනුවත් කොට බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එහෙත් මේ වන විට එම කණ්ඩායමේ රැස්වීම් සඳහා ශ්‍රීලනිපයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සහභාගි වීමද නතර කර දමා තිබෙන බවද අමාත්‍යවරයා හෙළිදරව් කරනවා.

පක්ෂය වෙනුවෙන් ලියුමකට අත්සන් තැබීම

මීට පෙර එම 12 කණ්ඩායමේ ලිපියකට දයාසිරි ජයසේකර මහතා අත්සන් තැබීම එම තීන්දුවට විශේෂයෙන්ම බලපෑ බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ශ්‍රීලනිපය කුඩා පක්ෂයක් ලෙස හැදින්වීම වැරදි බව පෙන්වා දෙන අමරවීර අමාත්‍යවරයා ශ්‍රීලනිපය , පොදුජන පෙරමුණ සන්ධානයේ පොදු ජන පෙරමුණට පසුව සිටින ප්‍රධානතම හා විශාලතම පක්ෂය ලෙසයි හඳුන්වා දෙන්නේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයාද වන අමරවීර අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ හිරු රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 June 2021 15:38