April 26, 2024

බලය අතට ගන්න: නැතිනම් රට ඉවරයි - ගුණවංශ හිමි අගමැතිගෙන් ඉල්ලයි Featured

දිනෙන් දින ම රට තුළ උද්ගත වෙමින් තිබෙන ප්‍රශ්න විසඳීමට මැදිහත් වන ලෙස පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

මේ රජය තමන් වහන්සේලා බලයට පත් කළේ පොළොවේ පය ගසා දේශපාලනය කළ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය නිසා බව පෙන්වා දෙන උන්වහන්සේ ඒ සඳහා තමන් වහන්සේලා බොහෝ පරිත්‍යාගයන් කළ බවද මතක් කර දෙනවා.

විසඳුම් නැති ප්‍රශ්න රැසක්

මේ වන විට රට විසඳුම් නැති ප්‍රශ්න රැසකට මැදි වී සිටින බව පෙන්වා දෙන ඇල්ලේ ගුණවංශ හිමියන් ජීවත් වීමේ ප්‍රශ්නය , ගොවි ප්‍රශ්න , මහජන දේපල අලෙවි කිරීමේ ප්‍රශ්න ඒ අතර ප්‍රමුඛත්වය ගන්නා බවයි සඳහන් කරන්නේ.

මේ ප්‍රශ්න නිසා බහුතර මහජනතාව මහ පාරට වැටී තිබෙන බැවින් මේ ප්‍රශ්න අතට ගෙන ඒවාට විසඳුම් සෙවීමට මැදිහත් වෙන ලෙස තමන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව අවධාරණය කරනවා.

මෙහෙම ගියොත් ජනතාවට වෙන දේ

එහෙම නොවුණහොත් අහිංසක ජනතාවට රටක් ඉතිරිවන්නේ නැති බවටයි උන්වහන්සේ අනතුරු අඟවන්නේ.

ජනපතිවරයා කළමණාකරණය පිළිබඳ මනා අවබෝධයක් ඇති නායකයෙකු ලෙස තමන් වහන්සේලා විශ්වාස කළද අද ඔහු වටා සිටින පිරිස නිසා රටට වන විපත තමන් වහන්සේලාට පෙනෙන බවයි ඇල්ලේ ගුණවංශ හිමියන් පෙන්වා දෙන්නේ.

ඔහුට ප්‍රශ්න ගැන අවබෝධයක් නැහැ

රටට මුහුණ දෙන ඛේදනීය තත්ත්වය පිළිබඳ ජනපතිවරයාට නිසි අවබෝධයක් නැති බව පෙන්වා දෙන උන්වහන්සේ ජනපතිවරයා බලයට ගෙන ඒමට වැඩ කළ පිරිස ඔහු වටා නැති බව පෙනෙන්ට තිබෙන බවද අවධාරණය කරන්නේ තමන් වහන්සේලාද ජනපතිවරයා ළඟ නැති බව තමන් වහන්සේලාට ද හැඟෙන බව දන්වමින්.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 19 June 2021 11:22