May 04, 2024

එළියට විසි වෙන්නේ බැසිල්ද? විමල් හා මම ද? ගම්මන්පිලගේ අනාවැකිය

දිග් ගැසෙමින් පවතින සිය කණ්ඩායම හා බැසිල් රාජපක්ෂ මහතා අතර අර්බුද මත පොදුජන පෙරමුණේ ඉවතට යෑමට සිදුවන්නේ කාහටද යන්න පිළිබඳව උදය ගම්මන්පිල බලශක්ති අමාත්‍යවරයා පැහැදිලි කිරීමක් කරනවා.

ඔහු මේ පැහැදිලි කිරීම කරන්නේ චමුදිත සමරවික්‍රම සමග සාකච්ඡාවකට එක්වෙමින්.

පවතින අර්බුදය පොදුජන පෙරමුණේ එළියට යෑමට සිදු වන්නේ බැසිල් රාජපක්ෂ මහතාටද එසේත් නැත්නම් විමල් වීරවංශ සමග ඔබටද යන ප්‍රශ්නය අමාත්‍යවරයා වෙත මාධ්‍යවේදියා යොමු කළ අතර ඊට අමාත්‍යවරයා දුන්නෙ මෙවන් පිළිතුරක්.

තීරණය තිබෙන්නේ ජනතාව අතේ

පොදුජන පෙරමුණේ සිටිය යුත්තේ කවුරුන්ද කියා තීරණය කරන්නේ මේ රටේ පොදු ජනතාවයි.

එනිසා අවිනිශ්චිත අනාගතයක් ගැන නිශ්චිත අනාවැකියක් කීමට නොහැකි බැවින් බැසිල් රාජපක්ෂ , විමල් වීරවංශ සහ තමන්ගේ අනාගතය ජනතාව විසින් තීරණය කරනු ඇති බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

ජනතාව ඉන්නේ මා සමග

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මේ සිද්ධියෙන් පසු ජනතාව සමාජ මාධ්‍ය හා වෙනත් ආකාරයෙන් දක්වන ප්‍රතිචාර මත ජනතාව සිටින්නේ තමා සමඟ බව තමාට දැන ගැනීමට හැකි වූ බවයි.

තමාට මෙතරම් ජනප්‍රසාදයක් තිබෙන බව දැන ගත්තේ මේ සිද්ධියෙන් පසුව බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා වන සාගර කාරියවසම් මහතා විසින් ජනතාව අපහසුතාවයට පත්වන අයුරින් තෙල් මිල වැඩි කිරීමේ වගකීම ගෙන සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස විෂය භාර බලශක්ති අමාත්‍යවරයා උදය ගම්මන්පිල අමාත්‍යවරයාට යැවූ ලිපියක් මුල්කොටගෙන මතුව තිබෙන තත්ත්වය මෙම සාකච්චාවට පදනම් වී තිබුණා.

පොදුජන පෙරමුණේ සන්ධානගත පක්ෂ හා සංවිධාන 12කින් සමන්විත විමල් වීරවංශ උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් සහයෝගය දක්වන පක්ෂ 12 විකල්ප කණ්ඩායම සමඟ පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා මත ගැටුමක සිටින බව ප්‍රසිද්ධ කරුණක්.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 16 June 2021 12:32