April 27, 2024

රනිල් සමග ඥාණසාර හිමිත් පාර්ලිමේන්තුවට

පූජ්‍ය අතුරලියේ රතන හිමි තමන් දරණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට එකඟ වී ඇති බව වාර්තා වෙනවා.

අපේ ජනබල පක්ෂ සභාපති සමන් පෙරේරා ප්‍රකාශ කර ඇත්තේ අදාළ මන්ත්‍රී ධූරය බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙත ලබා දීමට සැළසුම් කර ඇති බවයි.

පසුගිය මැතිවරණයේ දී අපේ ජන බල පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලැබුණු අතර රතන හිමි එහි දිවුරුම් දුන්නා.

එහි දී තමන් මාස 03ක කාලයක් මන්ත්‍රී ධූරය දැරීමෙන් අනතුරුව එය ඥාණසාර හිමිට ලබා දෙන බවට උන්වහන්සේ එකඟ වී ඇති බව පැවසෙනවා.

ඒ අනුව රතන හිමි ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඥාණසාර හිමි එහි දිවුරුම්දෙනු ඇති බවයි අපේ ජනබල පක්ෂය පවසන්නේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂය වෙත ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට එජාපය තීරණය කර තිබෙනවා.

මෙය දේශපාලන කරළියේ දැඩි උණුසුම්කාරී කතාබහක් නිර්මාණය කළ අතර ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ආගමනයෙන් අනතුරුව සමගි ජන බලවේගයේ පිරිසක් ඔහු සමග එක් වීමට සූදානමින් පසුවන බවටයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 June 2021 13:28