May 01, 2024

රතන හිමි දොට්ට! Featured

අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන් පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂය තීරණය කොට තිබෙනවා.

එම පක්ෂයේ දේශපාලන බල මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව විසින් මේ බව තීරණය කර ඇති බව යි පක්ෂයේ ජාතික සංවිධායක ආචාර්ය සුසන්ත කොඩිතුවක්කු මහතා පැවසූවේ.

චෝදනා හතරකට වැරැදිකරු කරමින් පක්ෂයේ විනය මණ්ඩලය විසින් රතන හිමියන් මෙලෙස පක්ෂයෙන් නෙරපීම සඳහා නිර්දේශ කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඒ අනුව රතන හිමියන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහෝසි කිරීම පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා දැනුවත් කර ඇති බවයි ජාතික සංවිධායකවරයා අනාවරණය කරන්නේ.

එම පක්ෂය විසින් මෙම තීරණය ඇතුළත් ලිපිය ඊයේ (15) මැතිවරණ කොමිෂන් සභාවට භාර දී ඇති අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ද මාධ්‍ය වෙත පැවසුවේ අපේ ජනබල පක්ෂය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් සහ පක්ෂයෙන් අතුරලියේ රතන හිමියන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ලිපිය තමන් වෙත ලැබී ඇති බවයි.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 17 October 2021 06:45