May 02, 2024

වරාය නගර මුල් පුටුව යහපාලන ඇමති සොයුරාට

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත්කිරීමට කටයුතු කොට තිබෙනවා.

 

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.

 

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශ මේ බව ප්‍රකාශ කළා.

 

ඒ අනුව එම කොමිසමෙහි සභාපති ධූරය සඳහා පත් කර ඇත්තේ ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා යි.

 

ඔහු යහපාලන ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයකුව සිටි තිලක් මාරපන මහතාගේ සොයුරා යි.

 

කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස තවත් හය දෙනෙකු පත් කර ඇති අතර ඔවුන් මෙසේ යි…

 

  • මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා
  • ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා
  • ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය මහතා
  • ඕරල් කෝපරේෂන් - සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු මහතා
  • මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන් ඇන්ඩ් ෆිනෑන්ස්හි කළමනාකාර අධ්‍යක්ෂ  ජෙරාඩ් ඔන්ඩච්චි මහතා
  • මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා මහතා

Rate this item
(0 votes)
Last modified on Monday, 31 May 2021 20:23