May 17, 2024

රජය ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පිළිගනියි - ඊළඟට කරන්න යන දේත් කියයි

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති තීන්දු සහ සංශෝධන සමග රජය එකඟ වන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සරළ බහුතරයකින් සම්මත කර ගැනීමට හැකියාව පවතින බවත් එය සිදු කරන බවත් ඔහු ප්‍රකාශ කළා.

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ වගන්ති රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව අද පෙරවරුවේ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ප්‍රකාශ කරනු ලැබුවා.

එම වගත්ති සම්මත කර ගැනීමට විශේෂ බහුතරයක් අවශ්‍ය බව ද, ඇතැම් වගන්ති ජනමත විචාරණයකදී සම්මත විය යුතු බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කොට ඇති බව යි පැවසුණේ.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය හෙට (19) ආරම්භ වන අතර එය දින දෙකක් පුරා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Rate this item
(0 votes)