May 08, 2024

මහින්දගේ ඉල්ලීමට චීනය දුන් උත්තරය

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයේ වර්ධනය හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ චීන රජයෙන් වෛද්‍යාධාර ඉල්ලා තිබෙනවා.

එයට ප්‍රතිචාර ලෙස විශාල ඔක්සිජන් සිලින්ඩර සහ වෛද්‍ය උපකරණ එවීමට යි චීනය කටයුතු කර තිබෙන්නේ.

විශාල ප්‍රමාණයේ ඔක්සිජන් සිලින්ඩර දසදහසක් ඇතුළු වෛද්‍ය උපකරණ විශාල තොගයක් මෙලෙස එවා ඇති බව සඳහන්.

කොවිඩ් 19 ආසාදනය වී සංකූලතා හටගන්නා රෝගීන් හට ප්‍රතිකාර කිරීමට ඉදිරියේ දී ඔක්සිජන් විශාල වශයෙන් අවශ්‍ය විය හැකි බැවින් අග්‍රාමාත්‍යවරයා වෛද්‍ය උපකරණ සහ ඔක්සිජන් ටැංකි පිළිබඳ චීනය දැනුවත් කර තිබූ බව වාර්තා වෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමට චීනය වහාම ප්‍රතිචාර දැක්වීම සුවිශේෂයි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 12 May 2021 08:54