April 26, 2024

හිටපු ජනපතිගේ මාතලේ ප්‍රකාශය - පොහොට්ටු මුක්කුවෙන් ගැළවෙන්න බැහැ කියන අය පොහොට්ටුවටම යන්න

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම සාමාජිකයින්ට කොන්ඳක් තිබෙනවා නම් වෙන පක්ෂ වලට මුක්කු ගැසීම ගැන කතා කිරීම නතර කොට පක්ෂය දිනවන්න කටයුතු කරන්න.නැතිනම් වෙනත් පක්ෂවල සාමාජිකත්වය ගන්න. මට පුළුවන් නියම ශ්‍රී ලංකා කාරයෝ එක්ක පක්ෂය නැගිට්ටවන්න" යයි පක්ෂ සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂ මධ්‍යම කාරක සභාව අමතා ප්‍රකාශ කොට තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රීලනිපය යළි ප්‍රතිසංවිධානය කොට 2025 ශ්‍රීලනිප රජයක් පිහිටවීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරිම වෙනුවෙන් මාතලේ දී පැවති වැඩමුළුවක් අතරතුර පැවැත්වූ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී හිටපු ජනපතිවරයා මෙන්ම වත්මන් ශ්‍රීලනිප සභාපතිවරයාද වන මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බැව් සඳහන් කොට තිබේ.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ  ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාට අයත් මාතලේ පිහිටි හෝටලයක පක්ෂයේ සියලු ප්‍රධාන නිලතල දරන්නන් ඇතුළු මධ්‍යම කාරක සභාව වෙනුවෙන් පැවැති මෙම වැඩමුළුව අතරතුර පැවැත්වූ මෙම විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී හිටපු ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කොට තිබෙන්නේ "මුක්කු ගහන දේශපාලනය කරන්න ඕන නං පක්ෂය වහලා දාලා කැමති අය වෙන පක්ෂ වල සාමාජිකත්වය ගන්න. බොහෝ අය කියනවා අපට පොහොට්ටුවෙන් ගැළවෙන්න බැහැ කියනවා මම අහල තියෙනවා. අපි එකතුවෙලා පළාත් සභා ඉල්ලලා ආණ්ඩුව තරහ නොකරගෙන ඉමු කියන අයත් ඉන්නවා." කියාය.

හිටපු ජනපතිවරයාගේ ශ්‍රීලනිපය තනිව ගමනක් යෑමේ වැඩපිළිවෙළට මධ්‍යම කාරක සභාවේ උණුසුම් ප්‍රතිචාර ලැබුණු බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙම වැඩමුළුව සඳහා හෝටලය ලබාදුන් වසන්ත ලක්ෂ්මන් පෙරේරා මහතා කලක් අග්‍රාමාත්‍ය මහින්ද මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතා කිට්ටු සමීපතයෙකු වීමද විශේෂත්වයකි.

Rate this item
(4 votes)
Last modified on Sunday, 04 April 2021 19:34