April 26, 2024

“අපිට නිහඩව ඉන්න බෑ“ - අලුත් ආණ්ඩුවක් ගැන මෛත්‍රීගෙන් සහතිකයක් Featured

වත්මන් රජයේ කටයුතුවලට සහයෝගය දෙන අතරම අනාගතයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවීම සඳහාත් කටයුතු කරගෙන යන බව එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදී ඊයේ (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නව නිලධාරී මණ්ඩලය ඊයේ (30) මහනුවරට ගොස් දළඳා වහන්සේ වැඳපුදාගෙන ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

ඒ සඳහා සහය දැක්වීමට කැමති සියලු පාර්ශව එක් කරගනිමින් පක්‍ෂය ශක්තිමත් කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

බොහෝ අභියෝග එල්ල වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රී ආසන 13 ක් දිනාගත් බවද හෙතෙම පැවසී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“පාර්ලිමේන්තු මැතිවරණයේදී අභියෝගය මැද නොයෙකුත් විවේචන විඳගනිමින් අපේ පක්ෂයේ ඡන්දයෙන් පත්වුණු 13දෙනා පාර්ලිමේන්තුවට ලේසියෙන් ගියේ නැහැ. අපේ බලාපොරොත්තුව නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන එක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වටා එකතුවෙන්න කියලා. ජනතාවට ආරාධනා කරනවා. “

Rate this item
(1 Vote)