April 26, 2024

වේවැල් පහර කා මිය ගිය දැරියගේ මවත් රිමාන්ඩ්

දෙල්ගොඩ මීගහවත්ත ප්‍රදේශයේදී ශාන්තිකර්මයක් අතරතුර දී දැරියක් මිය යෑමේ සිදුවීම සම්බන්ධයෙන් එම දැරියගේ මව සහ ශාන්තිකර්මය සිදු කළ කාන්තාව අද (01) මහර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 12 වැනිදා දක්වා බන්ධනාගාරගත කර තිබේ.

අමනුෂ්‍ය දෝෂයක් පළවා හැරීමට යැයි පවසමින් ශාන්තිකර්මයක් සිදු කළ කාන්තාවක් එල්ල කළ වේවැල් පහර හේතුවෙන් දෙල්ගොඩ මීගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 9 හැවිරිදි දැරියක් මරණයට පත්වී තිබුණි.

අමනුෂ්‍ය දෝෂයක් ඉවත් කරන්න දුන් වේවැල් පහරින් දැරිය මියයයි

"අනේ ඇන්ටි ගහන්න එපා" - ශාන්ති කර්මයක් අතර වාරයේදී දැරියක් මියයාමේ සිද්ධිය ගැන තොරතුරු එළියට (VIDEO)

Rate this item
(0 votes)