March 28, 2024

අමනුෂ්‍ය දෝෂයක් ඉවත් කරන්න දුන් වේවැල් පහරින් දැරිය මියයයි

February 28, 2021

අමනුෂ්‍ දෝෂයක් ඉවත් කිරීම සඳහා දැරියකට වේවැලකින් පහර දී ඇති අතර පහර කෑ දැරිය මේ වන විට මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මීගහවත්ත කඳුබොඩ ප්‍රදේශයේ නව හැවිරිදි දැරියක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

දැරියට අමනුෂ්‍ය දෝෂයක් ඇති බව පවසමින් ඇගේ මව විසින් දේවාලයක් පවත්වාගෙන යනු ලබන කාන්තාවක් වෙත ගොස් ඒ සඳහා ප්‍රතිකාර කර තිබේ. එහිදී අදාළ කාන්තාව දැරියගේ සිරුරේ තෙල් ආලේප කර වේවැලකින් පහර දී ඇති අතර දැරිය සිහිසුන්වීම හේතුවෙන් බියගම රෝහලට ඇතුලත් කර ඇත.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“9 හැවිරිදි දැරියක් යම් අමනුෂ්‍ය රෝගයකින් පෙළෙන බව ඇයගේ මව විසින් දැනගැනීමෙන් පසුව එයට ප්‍රතිකාර ලබාදීම සඳහා, තම නිවසට ආසන්න නිවසක එවැනි දේ සඳහා ප්‍රතිකාර කරන නිවසක් වෙත රැගෙන ගොස් තිබෙනවා. ඒ අවස්ථාවේ දී අදාළ නිවසේ සිටි කාන්තාවක් එම දැරියට යම් ආකාරයක තෙල් සාත්තුවක් කර අමනුෂ්‍ය රෝගය නැති වීමට වේවැලකින් පහර දී තිබෙනවා. පසුව දැරිය සිහිසුන්ව බියගම රෝහල වෙත ඇතුළත් කිරීමේ දී වෛද්‍යවරුන් පවසා ඇත්තේ දැරිය මියගොස් ඇති බවයි.“

රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවපොලීසිය සඳහන් කරයි.

මීගහවත්ත පොලීසිය ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන අරඹා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

Rate this item
(0 votes)