March 28, 2024

"අනේ ඇන්ටි ගහන්න එපා" - ශාන්ති කර්මයක් අතර වාරයේදී දැරියක් මියයාමේ සිද්ධිය ගැන තොරතුරු එළියට (VIDEO)

February 28, 2021

අමනුෂ්‍ය දෝෂයක් ඉවත් කිරීම සඳහා වේවැලකින් පහර දීම හේතුවෙන් මීගහවත්ත කඳුබොඩ ප්‍රදේශයේ 09 හැවිරිදි දැරියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

සිද්ධිය වූ ස්ථානය අසල පදිංචි නිවසක පුද්ගලයෙකු සඳහන් කර ඇත්තේ මෙම දැරියට පෙරදා සවස සිට වේවැලකින් පහරදෙන ශබ්දය ඇසුණු බවත් ” ඇන්ටි ගහන්න එපා” යනුවෙන් ඇය ඉල්ලීම් සිදු කරමින් හඩා වැටුණු ශබ්දය ඇසුණු බවය.

රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

මීගහවත්ත පොලීසිය ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන අරඹා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

Rate this item
(0 votes)