April 27, 2024

"මම හරි මාත්‍රාවට පැණිය බිව්වේ නැහැ" - ධම්මික පැණියට පියල් නිශාන්තගෙනුත් තල්ලුවක්

තමා ධම්මික පැණිය පානය කළේ එය කථානායකවරයාට භාරදුන් අවස්ථාවේ පමණක් බවත් මේ මොහොතේ කළ යුත්තේ සෞඛ්‍ය අංශ ලබාදී ඇති නිසි ක‍්‍රමවේද අනුගමනය කරමින් කොරෝනා රෝගයෙන් වැළකී සිටීම බවත් රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා පුවත්පතකට පවසා ඇත.
 
තමා ඇතුළු පවුලේ අය කොග්ගල පිහිටි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක ප‍්‍රතිකාර ලබන බවත් කොරෝනා රෝගය වැළඳුණු කෙනෙක් හැටියට තමාට කිව හැක්කේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් රජයේ වැඩපිළිවෙළට අනුගත වෙමින් සියල්ලන් හොඳින් කටයුතු කරන්නේ නම් මෙම රෝගයෙන් වැළකී සිටීමට හැකි වන බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කර ඇත.
 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 January 2021 12:41

Related items