April 27, 2024

"මෛත්‍රීට ස්තූතියි! ඔබතුමාට මතක ඇති" - මෛත්‍රී ඉදිරියේදී අනුර කුමාර රහසක් හෙළි කරයි (VIDEO)

අපි අතර දේශාපලන ප්‍රශ්න තිබුණද තමා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ස්තූතිවන්ත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ඔබතුමාට මතක ඇති මං ඔබතුමා ඉදිරිපිට මං මේ කියන්නේ. ඔබතුමා එක් අවස්ථාවක මනම්පිටිය පාලමේ වැලි ගොඩ දැමීම නතර කළා. ඔබතුමාගේ සොහොයුරෙක් මට කතා කළා. විශාල ටිපර් රථ ගෙනත් තියෙනවා. ලීසිං හිරවෙලා තියෙනවා සමහර කර්මාන්ත තියෙනවා ඒවා කඩා වැටෙනවා. ඒ නිසා ජනාධිපතිතුමාට කතා කරලා සහනයක් අරන් දෙන්න කියලා මගෙන් ඉල්ලුවා. මං ඔබතුමාට කතා කළා. මං ඔබතුමාට ස්තූති වන්ත වෙනවා මං ඔබතුමාට කිව්වා ඔබතුමා එක මල්ලි කෙනෙක් ගැන සඳහන් කරලා කිව්වා. මම ඕකට කියලා තියෙන්නේ මනම්පිටියේ පැත්තට යන්න එපා කියලා. මං ඩීඅයිජීට කියලා තියෙන්නේ එහෙට ගියොත් දණින් පහලට වෙඩි තියන්න කියලා. ස්තූති වන්ත වෙනවා. ඔබතුමා පරිසරය රැකීම ගැන විශේෂ උනන්දුවකින් වැඩ කලා. " යැයි අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඔහු මේ බව පැවසූවේ අද(20) පාර්ලිමේන්තුවේදී සභාව කල් තැබීමේ විවාදය ආරම්භ කරමිනි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 January 2021 13:14