May 05, 2024

පැණිය නිසා හිරුට පැටලෙයි - පැණිය හදපු ධම්මික වෙනුවට සිංදු ලියන ධම්මිකව දාලා

December 20, 2020

ශ්‍රී ලංකාවේ ධම්මික බණ්ඩාර නම් හෙළ වෙද මහතෙකු නිර්මාණය කළ කොරෝනා නසන ඖෂධය පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යවලද අවධානය යොමුව ඇති බවට දැකගත හැකිය.

එයට නිදසුනක් ලෙස බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතනයක් වන "The Sun" (සන්) මාධ්‍ය ආයතනයද මෙම පුවත වාර්තා කර තිබුණි. නමුත් ඔවුන් ධම්මික බණ්ඩාර වෙද මහතාගේ ඡායාරූපය වෙනුවට යොදාගෙන තිබුණේ ප්‍රවීණ ගීත රචකයෙකු වන ධම්මික බණ්ඩාර මහතාගේ ඡායාරූපයකි.

මෙම ඡායාරූප ලෙස බෙහෙත රැගෙන යාමට පැමිණි පිරිස සමඟ ඖෂධය නිර්මාණය කළ තැනැත්තා ලෙස ඡායාරූපයක් ලෙස පළ කර තිබුණේ ගී පද රචක ධම්මික බණ්ඩාර මහතාගේ රුව දැක්වෙන ඡායාරූපයකි.

මෙම මාසයේ දෙසැම්බර් 09 වෙනිදා මෙම පුවත The Sun මාධ්‍ය ආයතනයේ වෙබ් අඩවිය තුළ පළ කර තිබුණේ "දෙවියන්ගෙන් ලැබුණු තෑග්ග - කොරෝනා සුව කරන මහා පුදුම ඖෂධය ලබා ගැනීමට 12,000ක පිරිසක් වඩුබාස්ගේ ගෙදරට යයි" යන සිරස්තලය යටතේය.

මෙම සිදුවීම මේ වන විට මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් අවධානයට යොමුව ඇති අතර බොහෝ දෙනා පවසා තිබුණේ "හන්තානට පායන පිස්සු හැදෙන සඳ", "දෙයියනේ වියපත් ඹබරා.." කවියක්, සින්දුවක් ලියාගෙන ඉන්නේ නැතුව, බේත් හදන්න ගියාට හොද වැඩේ..." යනුවෙනි. 

තවත් පිරිසක් පවසා තිබුණේ ගූගල් සෙවුම් මෘදුකාංගයේ ධම්මික බණ්ඩාර ගැන සොයන්නට ගිහින් හමු වූ ඡායාරූපයක් මෙලෙස පළ කරන්නට ඇති බවයි.

ගීපද රචක ධම්මික බණ්ඩාර මහතාගේ රුව සහිතව පළ වූ ප්‍රවෘත්ති පහතින්,

Rate this item
(0 votes)
Last modified on Sunday, 20 December 2020 11:52

Related items