April 26, 2024

''ම‌ගේ ගෑනිට හැදුණා මහත්තයෝ, පැණිය දෙන්න'' - ධම්මිකගේ නිවස ඉස්සරහ පැණිය ගන්න අදත් පෝලිම් (VIDEO)

December 18, 2020

ධම්මික බණ්ඩාර මහතා කොවිඩ් වෛරසය සඳහා නිපදවූ දේශීය ඖෂධය ලබාගැනීමට අදත් කෑගල්ලේ පිහිටි ඒ මහතාගේ නිවසට ජනතාව පැමිණ තිබිණි.

අද අලුයම සිට මෙලෙස ජනතාව එක්රැස් වී තිබේ.

කෙසේ වෙතත් නැවත දැනුම් දෙන තුරු කිසිදු ඖෂධයක් මෙම ස්ථානයෙන් ලබා නොදෙන බවට දැක්වෙන දැන්වීම් පුවරුද දමා තිබිණි.

නමුත් පිරිස එම ස්ථානයේ රැඳී සිටියේ ඖෂධය ලබා ගැනීමේ අරමුණිනි.

අනතුරුව පැමිණ සිටි පිරිස නැවත හරවා යැවීමට එම ස්ථානය කෑගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් හා කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පැමිණ ඇත.

පොලිසිය පැමිණ සිටි පිරිස නැවත හරවා යැවීම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් තම විරෝධය පළ කළේ මෙලෙසින්, "මේ පොලීසියයි මේ ඔක්කොම ඇවිල්ලා අහිංසක මිනිස්සු එලවන එක සම්පූර්ණ මහත්තයෝ වැරදියි. මම ඊයෙ රෑ එනකොට නවයයි. මගේ ගෑණිට හැදුනා. මේකේ ඒවා තියනවා. මේ මහත්තයා ඒක දෙන එක වැරදිද? එහා ගෙදරට වතුර එක ගේන්න යනකොට ටැප් එක උඩින් වහනවා. ටැප් එක දෙන්නෙ නෑ. ලෙඩේ හැදුනට කමක් නෑ පාරේ පොඩි එකෙක් යනකොට ඒකට යන්න දෙන්නෙත් නෑ. බෙහෙත් ටික දෙන්න . අන්තිමට වෙන්නෙ ඒ මිනිස්සු ගමෙන් කොන් කරන එක මහත්තයෝ. "

Rate this item
(0 votes)
Last modified on Friday, 18 December 2020 21:11

Related items