May 15, 2024

ධම්මිකගේ කොරෝනා පැණිය ලොකු වංචාවක් - ඒක බිව්ව කට්ටිය ඇගේ විෂ ඉක්මණට ඉවත් කර ගන්න (VIDEO)

December 13, 2020

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සෑදු කොරෝනා පැනිය මුලුමනින්ම වංචාවක් බව වෙන්ඩෝල් ලංකා සමාගමේ සභාපති, ආයුර්වේද වෛද්‍ය ශිරෝමනී පණ්ඩිත, ලේල්වල ජී ගොඩකන්ද මහතා පවසයි.

එම පැණිය භාවිතයට ගත් සියලුදෙනාගේ ශරීරයේ එම විෂ ඇති බවත් වහාම එම විෂ ඉවත් කර ගන්නා ලෙසද ඒ මහතා ඉල්ලීමක් කරයි.

මුළු පාර්ලිමේන්තුවම අවධානමේ බවත් මෙම පැණිය භාවිත කල අය බරපතල අනතුරක බවද සඳහන් කරයි.

ආයුර්වේදයට අනුව කිසිම දවසක මී පැණි රත් කරන්නේ  නැති බවත් එය වසක් බවත් සාදික්කා භාවිතා කිරීම තනිකරම වසක් බවද ඔහු පෙන්වා දෙයි.

ආයුර්වේද ඇමතිවරයා හා කොමසාරිස් මේකට වගකිව යුතු බවත් මෙය මුලුමහත් රටම නොමග යැවීමක් හා මාධ්‍ය සංදර්ශනයක් බවටද ඒ මහතා චෝදනා කරයි.

වෙන්ඩෝල් ලංකා සමාගමේ සභාපතිවරයා මෙම අදහස් පළ කළේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

Rate this item
(4 votes)

Related items