May 06, 2024

සැකයක් තියෙනවනම් බොන්න එපා - කොරෝනා පැණිය දෙමින් වෙද මහතා කියයි

December 08, 2020

කොරෝනා වෛරසය සඳහා තමන් විසින් සොයා ගන්නා ලද ඖෂධය ලබාදෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ බවත් එය අද දිනයේ පන්සියයක් දෙනා සඳහා පමණක් ලබාදෙන බවත් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කළේය.

තම නිවස ඉදිරියට පැමිණ සිටින දස දහසක් පමණ ජනතාව අමතමින් ඔහු කියා සිටියේ මෙම බෙහෙත් සම්බන්ධයෙන් සැකයක් අවිශ්වාසයක් ඇති අය වේ නම් එවන් අය එය පානය නොකර සිටින ලෙසයි.

ආසාදිතයෙකු මෙය පානය කළහොත් කොරානා වෛරසය ශරීරයෙන් ඉවත් වන බවත් එමෙන්ම නිරෝගී පුද්ගලයකු මෙය පානය කළහොත් වෛරසය ආසාදන නොවන බවටත් තමන් සහතික කියන බවද ඔහු සඳහන් කළේය.

දස දහස ඉක්වමූ පිරිසක් ඒ මහතාගේ නිවස ඉදිරිපිට හා මග දෙපස රැුදී සිටින අතර ඔවුන් පාලනය සදහා පොලිසියේ සිය ගණනක් යොදා සිටී.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 08 December 2020 14:59

Related items