April 26, 2024

“හිටපු ජනපති එක්ක තියෙන තරහා පොළොන්නරුවේ ගොවියෝ පිටින් දාන්න එපා..”

November 26, 2020

අද (26) පාර්ලිමේන්තු සැසිවාරයේ දී කෘෂිකර්ම අමාත්‍යංශය හා ඊට අනුබද්ධිත රාජ්‍ය අමාත්‍යංශ සම්බන්ධයෙන් වූ විසර්ජන කෙටුම්පත් විවාදය ආරම්භ වූ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා කියා සිටියේ පොළොන්නරුවට කෘෂිකර්ම හා වාරිමාර්ග කටයුතුවලදී කුඩම්මාගේ සැලැකිලි ලැබෙන බවයි.

හිටපු ජනාධිපතිවරයා පොළොන්නරුවේ වීම නිසාද එවැනි සැලැකිල්ලක් දක්වන්නේ දැයි කිංස් නෙල්සන් මන්ත්‍රීවරයා අසා සිටියේය.

හිටපු ජනාධිපතිවරයා එක්ක මෙම ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට, අග්‍රාමාත්‍යවරයාට හෝ ජනාධිපතිවරයාට කුමන හෝ ප්‍රශ්නයක් තිබෙනවා නම් එතුමා එක්කම විසඳගන්නා ලෙසත් පොළොන්නරුවේ සිටින ගොවි ජනතාව සමඟ එම ප්‍රශ්න විසඳ නොගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 November 2020 16:58

Related items